මොස්කව් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග සුහද හමුවක් පසුගිය සිකුරාදා (ජනවාර් 22 දා) ශ්‍රී ලංකා තානාපති නිල නිවසේදී තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

පසුගිය මාස කිහිපය තුල තානාපති කාර්යාලය මගින් සිදුවුණු සේවා සමාලෝචනයට ලක් කිරීමද එමෙන්ම ඉදිරි මාස කිහිපය සඳහා නව යෝජනා අදහස් හුවමාරු කර ගැනීමක්ද මෙහිදී සිදුවිය. සුහද හමුව අවසානයේදී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්විණි. මොස්කව් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් 25ක් පමණ මේ අවස්ථාවට සහභාගී වුහ.

53

 

 

54

 

55